ඕපනායක යෝධ පුස් වැල
මෙය සබරගමු පළතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් අටුගෙඅරාව ගම්මනයේ පිහිටා ඇත.මෙම පුස්වැලේ වට ප්‍රමානය 168cmකි. මෙම පුස්වැල අසලින් " වේ ගඟ " ගලා බසියි. එය ඉතා විශාල "මාර ගසක" එතී ඇත. මෙම පුස්වැලෙහි තිබෙන (හට ගන්නා) මල් සුදු පැහැයෙන් යුතු වේ. මෙම පුස්වැලේ හට ගන්නා කරල් මීටර් 1 පමණ දිග වේ. එම කරල් වේළුණු පසු දුඹුරු පහැයට හැරේ. පුස් ඇට ලෙස හදුන්වන්නේ මෙම පුස්වැලෙහි හට ගන්නා බීජ වේ. මෙවා ඖෂධීය ගුණයෙන් යුක්ත වේ. පුස්වැල්, බීජ ව්‍යාප්ත වීම මගින් හට ගන්නා බව පොදු විශ්වාසයකි. මෙම පුස්වැල ශ්‍රී ලංකාව, බංගලාදේශය, ඉන්දුනීසියාව, මලාවි, නයිජීරියා, භූතානය වැනි රටවල්වලට ද ආවේනික ශාකයකි.