සොරබොර වැව.
සොරබොර වැව යනු බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනයේ පිහිටි ජලාශයක් වේ. මෙය දුටුගැමුණු රජුගේ රාජ්‍ය කාලයේ සිටි බුලතා යෝධයා විසින් ඉදිකල බව කාගේත් විශිවාසය යි. දියවන්නා ඔය හරස් කොට මීටර 400ක් පමණ දිගකින් යුතු බැම්මක් ඉදිකල බැවින් මෙම වැව නිර්මාණය කොට තිබේ. වැව් බැම්මේ පළල අඩි 20 ක් පමණ වන අතර අතර දිග අඩි 150ක් පමණ වේ. වම් ඉවුර ප්‍රධාන ඇළේ දිග සැතපුම් 1 පමණ වන අතර දම්වැල් 31.4ක් පමණ වේ. දකුණු ඉවුර ප්‍රධාන ඇළේ දිග සැතපුම් 4 පමණ වන අතර දම්වැල් 20ක්වේ පමණ වේ.සොරබොර වැවෙහි ජල පෝෂක ප්‍රදේශය අක්‌කර 10600 ක පමණ වන අතර ධාරිතාව ඝන මීටර් මිලියන 22ක්‌ද කුඹුරු අක්‌කර 1250 ක් පමණ යල සහ මහ කන්න දෙකේදීම වගා කිරීමට ජලය සපයන බවද සඳහන් වේ.